මොඩියුල මුද්‍රණය වෙනුවෙන් වැය කළ මුදල් අදාළ බලධාරීන්ගෙන් අයකර ගත යුතුයි – ලංකා ගුරු සංගමය

හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මුද්‍රිත මොඩියුල තව දුරටත් භාවිතා කළ නොහැකි බවත් මෙම මොඩියුල මුද්‍රණය කිරීමට වැය වූ මුදල් අදාළ බලධාරීන්ගෙන් අයකර ගත යුතු බවත්  ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ප්‍රතිසංස්කරණ සඳහා දැනටමත් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය කර ඇති බව පෙන්වා දුන් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අන්තර්ගතය සමාලෝචනය කර වෙනස්කම් සිදු කිරීමට තවත් මුදල් අවශ්‍ය වනු ඇති බවත්  පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි සාකච්ඡාවකින් තොරව ඉදිරියට ගෙන ගිය බවට චෝදනා කළ ඔහු  මෙහි වගකීම අධ්‍යාපන අමාත්‍යවරිය භාර ගත යුතු බව ද පැවසුවේය.

“ගුරුවරුන් හෝ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කතා නොකර මෙම වෙනස්කම් හඳුන්වා දීමට උත්සාහ කිරීම අධ්‍යාපන අමාත්‍යවරියගේ වරදක්. අගමැතිනිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය යන දෙදෙනාම මෙය නිසි ලෙස හසුරුවා ගැනීමට අපොහොසත් වුණා, මේ සියල්ල කඩිමුඩියේ සිදු වුණේ” ප්‍රියන්ත ප්‍රාන්දු මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website