විගණකාධිපති පත් නොකිරීමෙන් COPA COPE රැස්වීමේ ගැටලුකාරී තත්ත්වයක්

ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් ‌නොකිරීම හේතුවෙන්  රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) රැස්වීමේ ගැටලුකාරී තත්ත්වයක්  නිර්මාණය විය හැකි බව ශ්‍රී ලකා විගණන සේවා සංගමයේ සභාපති ප්‍රසන්න ඇළපාත මහතා ‘රතුඉර’ සමඟ හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින්  ඔහු මෙසේ ද පැවසුවේය, “විගණකාධිපතිවරයා විසින්ම ඉටුකළ යුතු’ බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජාතික විගණන පනතේ සඳහන් වන යම් යම් කාරණා තිබෙනවා. විශේෂයෙන් ආ.ක්‍ර.ව්‍ය. 154 (6) ව්‍යවස්ථාව අනුව ‘විගණික ආයතන සම්බන්ධ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම  කළ යුතු වන්නේ විගණකාධිපතිවරයා’විසින්. ඊට අමතරව විශේෂ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකියි. ඒමෙන්ම ස්ථාවර නියෝග 119, 120 තුළ සඳහන් වන ආකාරයට රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව කටයුතු කළ යුතුයි. ඒ අනුව මේ කාරක සභා රැස්වීමේ ගැටලුකාරී තත්ත්වයක්ද  නිර්මාණය විය හැකියි. එසේම 2026 වර්ෂයේ අයවැය ලේඛනය මඟින් ජාතික විගණන කාර්යාලයේ වෙන්කළ මුදල් වියදම් දැරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ලබා දියයුතු වෙනවා. ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානියා නොමැති වීම වන මේ දක්වා ඒ බලතල පවරා දී නැහැ. ඒ අනුව මේ වන විට වියදම් දැරීම සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් පවතිනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website