අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජවිපෙට නොව රටට ගැළපෙන ඒවා විය යුතුයි – නාමල් රාජපක්ෂ

ජනතා විමුක්ති පෙරමුණට අනුකූල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද රටට ද අනුකූල යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් වැරදි තීරණයක්  බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (11) ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ පැවසුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට නොගැළපෙන නමුත් මාළිමාව ආණ්ඩුව ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

රටට සුදුසු සහ අවශ්‍ය දේ පමණක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, අහංකාරයෙන් ගන්නා තීරණ ජාතියට, එහි ජනතාවට හෝ ජනාධිපතිවරයාට යුක්තිය ඉටු නොකරන බවත් නාමල් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් නාමල් රාජපක්ෂ මෙසේ  ද පැවසුවේය, “අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනස්කම් සඳහා ඇති අවශ්‍යතාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේම ජනතාවත් පිළිගන්නවා. කෙසේ වෙතත්, හඳුන්වා දෙන ඕනෑම ප්‍රතිසංස්කරණයක් රටට සහ එහි අවශ්‍යතාවලට අනුකූල විය යුතුයි, ජවිපෙට ගැලපෙන පරිදි ඒවා නිර්මාණය නොකළ යුතුයි”.

රටේ ආගමට හා සංස්කෘතියට ඇඟිලි නොගසන ලෙස නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

“රටේ අධ්‍යාපන ක්‍රමයට නොගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ගන්නා උත්සාහයන් සඳහා සම්පූර්ණ වගකීම රජය භාරගත යුතුයි” නාමල් යළි අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website