වික්ටෝරියා, රන්දෙනිගල සහ රංටැඹේ ජල මට්ටම් පිළිබඳව මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්

මහවැලි ජලාශ පද්ධතියේ වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශවල ජල මට්ටම් පිළිබඳව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද (08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර මිනිපේ, මහියංගනය ප්‍රාදේශීය ලේකම්වරුන්, හසලක සහ මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරුන්ට ද මෙම ලිපිය යොමු කර ඇත.

අද දින පස්වරු 05.00 වන විට වික්ටෝරියා ජලාශය වාන් මට්ටමට 188 cm පහළ පවතින අතර රන්දෙනිගල ජලාශය වාන් මට්ටමට 40cm පහළ මට්ටමක සහ රංටැඹේ ජලාශයේ වාන් මට්ටමට 151cm පහළ පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මේ වන විට ජලාශ වාන් දැමීමක් සිදු නොවුනද කාලගුණ පුරෝකථනයන්ට අනුව එම ජලාශවල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාපතනය අනුව ජලාශ වාන් මට්ටම කරා ළඟා වන බවත්, එලෙස ඇතිවන වර්ෂාපතනය තව දුරටත් පවතින්නේ නම්, ඉදිරියේදී රන්දෙනිගල ජලාශය වාන් දැමීම සිදු විය හැකි බවත්, එමඟින් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

තව ද වර්ෂාපතනය දිගටම පැවතිය හොත් වික්ටෝරියා ජලාශය ද වාන් දැමීම සිදු වුවහොත් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය තව දුරටත් ඉහළ යා හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එබැවින් පහත් නිම්න ප්‍රදේශවල ගඟ පරිහරණය කරන ජනතාවට විමසිලිමත්ව හා ආරක්ෂාකාරීව කටයුතු කළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website