ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (08) පස්වරු 06.00ට නිකුත් කළ ‘පූර්ව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්’ මඟින් මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට 03 වැනි අදියරේ ‘ඉවත් වීමේ’ රතු නිවේදන නිකුත් කර ඇත.
එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හඟුරන්කොත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට 02 අදියරේ (ඇම්බර්) අවධානය නිවේදන නිකුත් කර ඇති අතර බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකය ද 01 අදියරේ (කහ) ‘විමසිලිමත්’ වීමට අදාළ නිවේදන නිකුත් කර ඇත.












