දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි සමඟ ප්‍රහාරාත්මක සුළං පිළිබඳ අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (09) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය.

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය (2026 ජනවාරි 9 පෙ.ව. 04.00 වන විට විට මඩකලපුව සිට කිලෝමීටර් 200 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණි.) එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර 2026 ජනවාරි 9 වන දින සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. (50-75) ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website