ආපදා දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊයේ (06) සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ.

මෙම මාර්ගෝපදේශය මඟින් ආවරණය වන දීමනා හා සහන ලබාදීමේ දී 2025-01-21 දිනැති ආපදා සහන සේවා මාර්ගෝපදේශ අංක 01/2025 හි 2.1 යටතේ ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවෙහි නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම් වෙත සහාය පිණිස පවතින සංයුතියට අමතරව, පරිපාලන ග්‍රාම නිලධාරි, ඉඩම් නිලධාරී, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි, නිවාස සංවර්ධන අධිකාරිය නියෝජිත, සමෘද්ධි නිලධාරි, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිත, නිවාස නිලධාරි, අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරී යන  නිලධාරීන්ට ද වගකීම් පවරා ඇත.

”දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ වල බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 2025-12-20 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (i) මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති නිවාස හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කළ බව මෙම ලිපියේ සඳහන් වේ.

ඒ අනුව, 2025 නොවැම්බර් මස 21 වන දින සිට පැවැති ආපදා තත්ත්වය හා පසු ආපදා තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් 31 දින දක්වා සිදු වූ නිවාස හානි මේ සඳහා අදාළ වේ.

මෙම දීමනා ගෙවීමේ දී අවශ්‍ය කරන ලේඛන ආපදාව හේතුවෙන් විනාශ වී ඇත්නම් එම ලේඛන නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම් විසින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ යුතු අතර ලේඛන පිළිබඳ මතුවන ගැටලු වලදී, ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුව නිර්දේශ මත, ප්‍රාදේශීය ආපදා කළමනා කරණ හා සහන සේවා කමිටුව මඟින් එම ලේඛනවල සහතික කළ පිටපත් හෝ වෙනත් තහවුරු කරගත හැකි ලේඛන අනුව හෝ ලේඛන පසුව ලබාදීමේ පදනම මත ගෙවීම් කළ යුතු බව එම මාර්ගෝපදේශයේ සඳහන් වේ.

මෙම සම්පූර්ණ මාර්ගෝපදේශය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website