පාසල් කටයුතු ආරම්භ වුව ද ගැටලු රැසක් – විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය

ඉතිහාසයේ පළමු වරට පාසල  ආරම්භ කරන දිනය වන විටත් 2026 වර්ෂය සඳහා නාමලේඛන ලැබී නොමැති බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

පාසල් ආරම්භ කරන දිනය වන විට රජයෙන් පාසලකට ලබා දිය යුතු ලිපි ලේඛන ප්‍රමාණයක් ඇති බවත් නාමලේඛනය ඉන් ප්‍රධාන වන බවත් ඔහු පැවසුවේ ය.

මේ අතර 2026 වර්ෂය සඳහා අද (05) පාසල්වල කටයුතු ආරම්භ කිරීමත් සමඟ හය ශ්‍රේණියට අදාළ සිසු සිසුවියන් ද පාසල්වලට පැමිණෙන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු විධිමත් සැලැස්මක් රජය විසින් හඳුන්වා දී නොමැති බව ද නිමල් මුදුන්කොටුව මහතා පෙන්වා දුන්නේය.

විධිමත් ලෙස හය ශ්‍රේණිය ආරම්භ කරනු ලබන්නේ 21 වන දා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර ඔවුන්ට 21 වැනි දා දක්වා සිදු කිරීමට අධ්‍යනය කටයුතු නොමැති වීම හරහා ගුරුවරු සහ විදුහල්පතිවරුන් අපහසුතාවට ලක්ව ඇති බව ද විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website