දිවයින පුරා සිදු කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
මෙම මෙහෙයුමේ දී පුද්ගලයින් 28,333දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර විවිධ සිද්ධීන්වලට සැක පිට පුද්ගලයින් 263දෙනෙකු සහ වරෙන්තුකරුවන් 141දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 424 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් පැවසුවේය.












