මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් වගකීම භාර ගෙන අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළ්ය.
මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් නාමල් රාජපක්ෂ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන තෙක් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වී ඇති නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විමර්ශන කමිටුවේ ප්‍රධානියා පත් කරන ලද්දේ ද අග්‍රාමාත්‍යවරිය විසින්ම බවයි.
“අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යාංශය අධීක්ෂණය කරන බැවින් අදාළ සිද්ධියේ වගකීම ඇය විසින් භාර ගෙන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි” නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.
මෙම සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි යන තර්කය සපුරා බැහැර කළ නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ අදාළ කෘතිය මුද්‍රණය කිරීමේ දී පිටස්තර පුද්ගලයින්ට කිසිසේත් මැදිහත් විය නොහැකි බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කිරීම ‘විහිළුවක්’ බව ද ඔහු කීවේය. අමාත්‍යාංශ ලේකම්වරයා කිසිවෙකුට නොමඟ යැවිය නොහැකි බවත්, විෂයයන් හෝ විෂයමාලා සම්බන්ධයෙන් තීරණ තනි පුද්ගලයෙකුට ගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ තව දුරටත් අවධාරණය කළේය.
විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා යන දෙදෙනාම ගනු ලබන තීරණ පිළිබඳව හොඳින් දන්නා බවත්, එබැවින් වගවීම අමාත්‍ය හරිනි අමරසූරිය වෙත පැවරෙන බවත් නාමල් රාජපක්ෂ යළිත් අවධාරණය කළේය.













