‘ආරක්ෂිත බල හුවමාරුවක් සිදුවන තුරු’ එක්සත් ජනපදය වෙනිසියුලාව ‘පාලනය කරන’ බව ට්‍රම්ප් පවසයි

වෙනිසියුලා ජනාධිපති මදුරෝ යු.එස්.එස් ඉවෝ ජිමා (USS Iwo Jima) නෞකාවේ රඳවා සිටින අයුරු දැක්වෙන බව කියන ඡායාරූපයක් ද ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ

“ආරක්ෂිත, නිසි සහ විචක්ෂණශීලී බල හුවමාරුවක් කළ හැකි කාලයක්” ලැබෙන තුරු එක්සත් ජනපදය වෙනිසියුලාව “පාලනය කරන යන” බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මෙහෙයුමේදී කිසිදු ඇමෙරිකානු සෙබළෙකු මිය නොගිය බවත්, අවශ්‍ය නම් වෙනිසියුලාවට දෙවන “හා ඊටත් වඩා විශාල” ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය “සූදානම්” බවත් ජනපති ට්‍රම්ප් පැවසීය.

මදුරෝට සිදු වූ දේ ඔවුන්ටත් සිදුවිය හැකි බව වෙනිසියුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයින් තේරුම් ගත යුතු බව ට්‍රම්ප් සඳහන් කළේය.

“වෙනිසියුලානු ජනතාව නැවතත් නිදහස්,” ඔහු කියා සිටියේය. අද ඇමෙරිකාව “ආරක්ෂිත” සහ “ආඩම්බර ජාතියක්” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇමෙරිකානු හමුදා විසින් වෙනිසියුලා ජනාධිපතිවරයා අල්ලා ගන්නා ලද මෙහෙයුම ජනපති ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබුවේ,”ඇමෙරිකානු ඉතිහාසයේ ඇමෙරිකානු හමුදා ශක්තිය සහ නිපුණතාවයේ වඩාත්ම විශ්මයජනක, ඵලදායී සහ බලගතු ලෙස ප්‍රදර්ශනය” කිරීමක් ලෙසයි.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ යු.එස්.එස් ඉවෝ ජිමා (USS Iwo Jima) නෞකාවේ රඳවා සිටින අයුරු දැක්වෙන බව කියන ඡායාරූපයක් ද ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

වෙනිසියුලාව සමඟ එක්සත් ජනපද “හවුල්කාරීත්වය” වෙනිසියුලාවේ ජනතාව “පොහොසත්, ස්වාධීන සහ ආරක්ෂිත” බවට පත් කරනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය.

එක්සත් ජනපදයේ වෙසෙන වෙනිසියුලානු ජාතිකයන් මේ පිළිබඳ “අතිශයින් ම සතුටු වනු ඇතැයි” ඔහු තවදුරටත් පැවසීය.

“ඔවුන් තවදුරටත් දුක් විඳින්නේ නැහැ,” ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ට්‍රම්ප් කියා සිටියේය.

“මත්ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක්” එක්සත් ජනපදයට යැවීමට වගකිව යුතු ” අනීතික ඒකාධිපතියෙකු” ලෙස ට්‍රම්ප් විසින් මදුරෝව හැඳින්වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ‘කාටෙල්’ අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කළේය.

‘කාටෙල්’ නායකයෙකු බවට එල්ල කරන චෝදනා මදුරෝ මීට පෙර තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.

ඇමරිකානු ප්‍රහාර සහ ජනාධිපති මදුරෝ සහ බිරිඳ අල්ලා ගැනීම

Picture of a fire at Fuerte Tiuna, Venezuela's largest military complex, after a series of explosions in Caracas

ඡායාරූප මූලාශ්‍රය,Getty Images – වෙනිසියුලාවේ විශාලතම හමුදා කඳවුරකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරය

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ‘මහා පරිමාණ ප්‍රහාරයකින්’ අල්ලා ගත්’ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර නිවේදනය කළේය.

“ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව සිදු කර ඇති අතර, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටතට රැගෙන ගොස් ඇත.” ජනපති ට්‍රම්ප් නිවේදනය කර සිටියේ ය.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බලකාය විසින් අල්ලා ගන්නා ලද බව නිලධාරීන් බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු CBS ප්‍රවෘත්ති සේවය වෙත ප්‍රකාශ කළේය.

ඩෙල්ටා බලකාය යනු ඇමෙරිකානු හමුදාවේ ඉහළම ත්‍රස්ත මර්දන ඒකකයයි.

වෙනිසියුලාවේ හමුදා මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළ බව, කරාකස් අගනුවර පිපිරීම් කිහිපයකින් සිදුවීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් බීබීසීයේ එක්සත් ජනපද ප්‍රවෘත්ති සහකරු CBS වෙත පවසා තිබිණි.

අද අලුයම වෙනිසියුලාවේ අගනුවරින් දුම් නගින අයුරු දක්නට ලැබුණි. මේවන විට වෙනිසියුලාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.

වෙනිසියුලා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය රට, එක්සත් ජනපද හමුදාවේ ආක්‍රමණය ප්‍රතික්ෂේප කරන බවත් එය හෙළා දකින බවත් ය.

ප්‍රහාරවලට ලක් වූ ස්ථාන අතර කරාකස් මධ්‍යයේ පිහිටි හමුදා ගුවන් තොටුපළක්, ලා කාලෝටා සහ ෆුවර්ටේ ටියුනාහි ප්‍රධාන හමුදා කඳවුරු ද ඇතුළත් වේ.

ඒ අවට ප්‍රදේශ කිහිපයකට ඒ අනුව විදුලිය විසන්ධි වී ඇත.

පිපිරීම් සහ හෙලිකොප්ටර් යානා ඉහළින් පියාසර කරන වීඩියෝ බොහොමයක් සමාජ මාධ්‍යවල සංසරණය වී තිබේ.

මෙම ප්‍රහාරයන් සිදු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර ආතතිය උත්සන්න වෙමින් පැවති මොහොතක ය.

ඇමෙරිකාව මීට පෙර මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැක කරන කැරිබියන් දූපත් වල බෝට්ටුවලට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි.

පසුගිය සඳුදා ට්‍රම්ප් පැවසුවේ වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ප්‍රවාහන බෝට්ටුවලට සම්බන්ධ ප්‍රදේශයකට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කළ බවත්, එමගින් “දැවැන්ත පිපිරීමක්” ඇති වූ බවත් ය.

වෙනිසියුලාවේ වාමාංශික ජනාධිපති නිකොලස් මදුරෝ තම රටේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමට එක්සත් ජනපදය බලපෑම් කරන බවට මීට පෙර චෝදනා කර තිබේ.

Source:https://www.bbc.com/sinhala/articles/cx2g8m4mj9xo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website