ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාඩ් පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වී ඇති අතර, රජයට අයත් ජාතික ඉරාන තෙල් සමාගමේ ප්‍රධාන විධායක හමීඩ් බොවාර්ඩ් වැඩබලන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේය.

2024 අගෝස්තු මාසයේ සිට ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මොහ්සෙන් පක්නෙජාඩ් ඉල්ලා අස්වූයේ, ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මාස හතක් පුරා පවතින යුද්ධය එරට ආර්ථිකයට පීඩනයක් එල්ල කර ඇති බැවිනි.

ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ පක්නෙජාඩ් “බොහෝ කලකට පෙර” පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වූ බවත්, පක්නෙජාඩ්ගේ බල කිරීම මත ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවත්ය.

“ආචාර්ය පෙසෙෂ්කියන් විසින් මොහ්සෙන් පක්නෙජාඩ්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමත් සමඟ, හමීඩ් බොවාර්ඩ් වැඩබලන තෙල් අමාත්‍යවරයා ලෙස පත් කර ඇත,” රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ඉල්ලා අස්වීමේ පුවතට පෙර, පක්නෙජාඩ් “අපි විකුණපු තෙල්වලින් ලැබෙන ආදායම තවමත් ලැබෙනවා, දෙවියන්ගේ කැමැත්තෙන් එය දිගටම පවතිනු ඇත” යනුවෙන් පැවසූ බව රාජ්‍ය මාධ්‍ය විසින් උපුටා දක්වන ලදී.

රොයිටර් ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website