නඩු කටයුතු අවසන් හෙරෝයින් සහ අබිං කිලෝ 170ක් වනාතවිල්ලුව දහන උඳුනට

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින මත අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දෙන ලද කිලෝග්‍රෑම් 170ක පමණ දළ බර ප්‍රමාණයකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක නඩු කටයුතු අවසන් වූ බැවින් අධිකරණයෙන් ලැබූ නියෝග ප්‍රකාරව විනාශ කිරීම සඳහා එම තොගය අද (02) දින උදෑසන  වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත ගෙන යන ලද බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

වැඩිදුර පරීක්ෂණ මගින් අනාවරණය වූ පරදි එම තොගයේ ශුද්ධ බර හෙරොයින් කිලෝග්‍රෑම් 106 ග්‍රෑම් 248 ක් හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් 2026.01.02 වන අද දින උදෑසන 06.00 ට පමණ කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය තොගය භාරගෙන පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලුව විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය සිදුකරන ලදී.

මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමේ අවස්ථාව අධීක්ෂණය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිිලධාරීන්, රස පරීක්ෂක කාර්යාලය සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website