කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. මේ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (30) ප්‍රසිද්ධ කර තිබේ.

මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු පත්කර ඇති බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙන බව සඳහන් වේ.

මෙම ගැසට් නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website