විගණකාධිපති පත් කිරීමේ අර්බුදය: කැබිනට් ප්‍රකාශක ව්‍යවස්ථාදායක සභාව රතුඑළි දල්වයි

විගණකාධිපතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇති හෙයින් ව්‍යවස්ථා දායක සභාව ද තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති බලතල අනුව කටයුතු කළ යුතු බවත්කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ආණ්ඩ්‍රුම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල අනුව විගණකාධිපතිවරයෙකු පත් කිරීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය,  “කාටවත් මේක අභියෝගයට ලක් කරන්න බැහැ. ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සුදුසුකම් ලැබිය හැකි අය තමයි ජනාධිපතිවරයා මේ නම් කරලා යවලා තියෙන්නේ. මේ සියලු  දෙනාම චාටඩ් එකවුන්ටන්ලා. ස්ථීර විගණකාධිපතිවරයෙක් සඳහා නාමයෝජනා දෙකක් ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී ඉදිරිපත් කළා. මේ සියලුද දෙනාම සුදුසුකම් සහිත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉල්ලා සිටින නිර්ණායකවලට සුදුසු පුද්ගලයින්. ඒ වගේම තවත් නම් දෙකක් ඉදිරිපත් කළා, ඔවුන් විගණන දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨතම විගණන නිලධාරීන්. මෙලෙස නම් ඉදිරිපත් කරලා තිබියදීත් ව්‍යවස්ථාදායක සභාව ඒ අනුව කටයුතු නොකරනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න ඔවුන්  හිතාමතාම කටයුතු කරනවා කියන එක.”

“ජනාධිපතිවරයා ව්‍යවසා දායක සභාවට එවන නම් ව්‍යවස්ථාවේ ආකාරයට සුදුසු නම්, ඒ ඕනම කෙනෙක් විගණකාධිපති ධුරයට ගැළපෙනවා නම්, ඊට වඩා සුදුසු කෙනෙක් එළියේ ඉන්නවා යැයි පවසා ඒ නම් ප්‍රතික්ෂේප කරන්න ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලයක් තිබෙනවා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා මෙතෙක් වැඩ කළේ. ඒ අනුව ඉදිරියටත් වැඩකටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවට අපි කියන්නේ ඔබට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කරන්න. රට ඉදිරියට ගෙනයෑම ගැන සිතා කටයුතු කරන්න. ඔබගේ පටු සීමාවන් ඇතුළේ කටයුතු කිරීම සුදුසු නැහැ”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website