ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවයි.












