උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර සහ නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – ත්‍රිකුණාමලය අතර දුම්රිය ධානවන හෙට (20) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වේ.
මෙහිදී බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 09.00ට සහ ප.ව 03.00 දුම්රිය දෙකක් අඹේල දක්වාත් (බදාදා පමණක් පෙ.ව 09.00ට ධාවනය වන දුම්රිය ධාවනය නොවේ) අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 09.30ට සහ ප.ව 03.00ට දුම්රිය දෙකක් බදුල්ල දක්වාත් (බදාදා පමණක් ප.ව 03.00ට ධාවන වන දුම්රිය ධාවනය නොවේ) දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කරයි.
එම නිල නිවේදනය පහත පළ වේ.














