ආණ්ඩුවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ 2026 අයවැය අද (16) පරාජයට පත්විය.

බලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීුර සංඛ්‍යාව 34කි.  ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 18 දෙනෙකු ද සභාව නියෝජනය කරති.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මහතා විසින් 2026 අයවැය සභාවට ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 16ක් සහ විපක්ෂව ඡන්ද 17ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරි පත්වූ මන්ත්‍රීවරයා අද දින සභාවාරය සඳහා පැමිණ සිටියේ නැත.

බළපිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරාගනු ලැබුවේ කුසපත් ඇදිමෙන් වන අතර ඉන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුරුද්ධ මහවැලි මහතා තේරි පත්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website