අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති සී.බී. රත්නායකට ඇප

මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා රුපියල් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (16) නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.

රුපියල් ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන ලද විමර්ශනයකට අදාළව සැකකාර සී.බී. රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website