ටී-56 ගිනි අවියක්, එම පතරොම් 45 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඇල්පිටිය කොට්ඨාසයේ බටපොල සාදමුල්ල ප්රදේශයේදී මැගසින් දෙකක් සමඟ ටී-56 ගිනි අවියක්, එම පතරොම් 45 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නැගෙනහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණු තොරතුරක් අනුව 2025.12.14 දින අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවත් ගිනි අවිය මනුෂ්ය ඝාතන කිහිපයක් සිදුකිරීම සඳහා යොදාගැනීමේ සූදානමින් තබාගෙන ඇති බවත් මූලික විමර්ශන මගින් අනාරවණය කර ඇත.
වයස අවුරුදු 64 ක් වන නාමල් සෙවණ, සාදමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මේ වන විට බටපොල පොලිස් ස්ථානය භාරයට පත්කර ඇත.
වැඩිදුර විමර්ශන ක්රියත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website