රජයට රුපියල් මිලියන 800ක පමණ මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අද (15) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ධම්මික රණතුංග මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධුරය දැරූ 2017/2018 කාලය තුළ සිදු කරන ලද ඉන්ධන ප්‍රසම්පාදනයට මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ බව අල්ලස් කොමිසම පැවසීය.
ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිවල අක්‍රමිකතා හේතුවෙන් මෙම අලාභය සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති බව පවසන අල්ලස් කොමිෂම වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.












