කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත දිට්වාගෙන් පීඩාවට පත් කර්මාන්ත හිමියන් 18,321කගෙන් විමසීම් – සම්පූර්ණ වාර්තාව මෙන්න

කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේවන විට (15) ඇතුළත් වී දත්ත ප්‍රමණාය නැතහොත් විමසීම් ප්‍රමාණය 18321ක් වන අතර ඒ අතරින් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් නිෂ්පාදන අංශයට අදාළව ආපදාවට පත් කර්මාන්ත ගණන 6362ක්, ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර ගණන 7510ක්, සුළු පරිමාණ ව්‍යපාර ගණන 6256ක්, මධ්‍ය පරිමාණ ව්‍යපාර 3998ක් සහ මහා පරිමාණ ව්‍යපාර 557ක් බවට වාර්තා වී තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට “0712 666660″‌ යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින  එනම් හෙට පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැකිය.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකි බව ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website