සපුගස්කන්ද රිය අනතුර: අසෝක රන්වල අත්අඩංගුවට

සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී ඊයේ [දෙසැම්බර් 11] සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, අනතුරක් වළක්වා නොගැනීම සහ අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ය.

රිය අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමත්ව සිටියා ද? යන්න පිළිබඳ වාර්තාව තවමත් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website