දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා ඔය සහ නාත්තන්ඩිය අතර හදිසි අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වලහපිටිය උප පොළ අසල පැරණි දුම්රිය යකඩ පාලමකට සම්බන්ධ භූමියක් ද ගංවතුරෙන් විනාශ වී ඇති අතර එහි ප්රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. මෙම ප්රතිසංස්කරණ හා අලුත්වැඩියා කටයුතු සඳහා ශ්රී ලංකා නාවික හමුදා සහාය ලැබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.












