වාහන නැවැත්වීමේ ගාස්තු සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව ගත් තීන්දුව

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා කොළඹ මහ නගර සභාව (CMC) නගර සීමාව තුළ වාහන නැවැත්වීමේ ගාස්තු අත්හිටුවන බව නිවේදනය කර තිබේ.

නගරාධිපතිවරියගේ උපදෙස් පරිදි, අද (02) සවස 06.00 සිට දෙසැම්බර් 05 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා වාහන නැවැත්වීමේ ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළඹ නගරය තුළ අවතැන් වූවන්ට උපකාර කිරීමේ පියවරක් ලෙස මෙම පියවර ගත් බව නගර සභාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website