ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුත් තරුණ ප්‍රජාව මුහුණ දෙන අභියෝග ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කරන විට, දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා සියලු අංශ එක්ව කටයුතු කළ යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

අරලියගහ මන්දිරයේ ඊයේ (14) පැවති 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතිය දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය, ආර්ථික විවිධාංගීකරණය සහ තරුණ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ ශක්තිමත් ආධාරක පද්ධතියක අවශ්‍යතාවය ඉස්මතු කළාය.

ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුත් තරුණ ජනගහනයක් සිටිය ද, සීමිත ප්‍රාග්ධනය සහ උපදේශකත්වය වැනි අභියෝග පවතින බව සඳහන් කළ අග්‍රමාත්‍යවරිය 2026 අයවැය යටතේ ඩිජිටල් කාර්ය සාධක බලකායක්, වැඩිදියුණු කළ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් සහ රුපියල් බිලියන 1.5ක් වෙන් කර ඇති බව ද පැවසුවාය

ඩිජිටල් ආර්ථික පනත, ඒකාබද්ධ ඩිජිටල් අනන්‍යතා පද්ධතිය සහ පුළුල් කළ ඩිජිටල් යටිතල පහසුකම් වැනි නව පියවරයන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වනු ඇති බව ද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website