අමාත්‍යවරයාගේ ලැයිස්තුව තවදුරටත් ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා භාවිතා නොකරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් අවධාරණය කළේය.
පසුගිය 14 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් විදේශ අමාත්‍යවරයා පැවසුවේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වඩාත් ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බවයි.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ විදේශගත වන අයගෙන් 78%ක් පුහුණු ශ්‍රමිකයන් බවත් ඔවුන්ගේ සේවය රටට අවශ්‍ය බවත්ය.
“අපට ඔවුන් අහිමි කර ගැනීමට නොහැකියි” අමාත්‍යවරයා පැවසුවේය.
මේ වසරේ වාර්ගාත විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් අපේක්ෂා කරන බව ද විජිත හේරත් පැවසුවේය.
“අපේ ඉලක්කය ශ්‍රම සංක්‍රමණය අඩු කිරීමයි. දේශීය ආර්ථිකය පුළුල් කිරීම සහ පුහුණු ශ්‍රමිකයන් තවදුරටත් අහිමි වීම වැළැක්වීම සඳහා දේශීය වශයෙන් වැඩි රැකියා ප්‍රමාණයක් නිර්මාණය කිරීම කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කරනවා” විදේශ අමාත්‍යවරයා පැවසුවේය.














