ඉතින් මේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් 508,863ක් නිදහස් කිරීමට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපට සිදු වුණා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව මේ මුදල් එකතු කිරීම සඳහා මේ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරනවා” වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය
ලෝක බැංකුවේ අරමුදල් සහිත කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය (Agriculture Sector Modernisation Project – ASMP) හරහා ශ්‍රී ලංකාවේ වැවිලි අංශය සංවර්ධනය කිරීම සඳහා ලබා දී ඇති අරමුදල් අනිසි ලෙස භාවිතා කර ඇති බවත්, එම අරමුදල් හිටපු අමාත්‍යවරුන්ගේ ඥාතීන්ට, ලේකම්වරුන්ට සහ මිත්‍රශීලී රාජ්‍ය නිලධාරීන්ට ලබා දී ඇති බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ව්‍යාපෘතිය හරහා බෙදා හරින ලද අරමුදල් අනුගාමිකයින්ට ද ලබා දී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
හිටපු අමාත්‍ය දයා ගමගේගේ බිරිඳ වන අනෝමා ගම්ගේට අයත් සමාගමට රුපියල් මිලියන 14ක්, හිටපු අමාත්‍ය දයා ගමගේගේ ලේකම් බන්දුල වික්‍රමආරච්චිගේ පුත්‍රයාට රුපියල් මිලියන 8ක්, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ බිරිඳට රුපියල් මිලියන 18ක්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට රුපියල් මිලියන 18ක්, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ පුත්‍රයාට රුපියල් මිලියන 37ක් සහ හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ සහෝදරයාට රුපියල් මිලියන 48ක් වශයෙන් කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මුදල් ලබාදී ඇති බව අමාත්‍යවරයා හෙළි කළේය.
ලෝක බැංකුව විසින් සිදු කරන ලද පසු විපරම් වලදී, මුදල් ලබාගත් අය කිසිදු වතු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කර නොමැති බව හෙළි වී ඇති බව කී වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙම මුදල් අනිසි ලෙස භාවිතා කර ඇති බැවින් එම මුදල් නැවත ගෙවන ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.
“අපි මුදල් අමාත්‍යාංශය හරහා ලිපියක් යවලා ලෝක බැංකුවේ අදාළ පුද්ගලයින්ට දැනුම් දුන්නා, මේ අයට විරුද්ධව නඩු පවරා මුදල් ආපසු ගෙවන බව. නීතිමය ක්‍රියාවලියකට යාමට අපට යම් කාලයක් ලබා දෙන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් ලෝක බැංකුව අපට දැනුම් දුන්නේ එවැනි කාලයක් ලබා දීමට නොහැකි බවත් වහාම මුදල් ගෙවිය යුතු බවයි. එසේ නොවුවහොත් ලෝක බැංකුවට ශ්‍රී ලංකාව සඳහා වන සියලුම ප්‍රදාන සහ අරමුදල් කපා හැරීමට සිදුවන බව ද ඔවුන් දැනුම් දුන්නා”.
“ඉතින් මේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් 508,863ක් නිදහස් කිරීමට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපට සිදු වුණා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව මේ මුදල් එකතු කිරීම සඳහා මේ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරනවා” වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.














