ඒකාබද්ධ පොදු විපක්ෂය විසින් ලබන 21 වැනිදා නුගේගොඩදී සංවිධානය කරන ‘මහා ජනහඬ’ ජනරැළිය ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හෝ සන්ධාන නායකයෙක් බිහිකරන ප්රයත්නයක් නොවන බව ජාතික අවධි සභාවේ කැඳවුම්කරු නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා අවධාරණය කරයි.
මෙහි ප්රධාන අරමුණ වන්නේ මාළිමාව විසින් පසුගිය මැතිවරණවලදී ජනතාවට ලබා දුන් පොරොන්දු 1333 ඉටු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ආණ්ඩුව විසින් ගෙන යන මර්ධනයට, දේශපාලන දඩයමට සහ තනි පක්ෂ පාලනයක් වෙත රට ගෙන යාමේ සැලසුම පරාජය කිරීමට පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණ ද මෙම රැළිය තුළ පවතින බව වර්ණසිංහ මහතා ප්රකාශ කළේය.
මෙම රැළියට සහභාගී වන විට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීනව කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නිල වශයෙන් ආරාධනා කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
භාතිය බරුකන්ද














