තරඟයේ අවසන් පන්දු වාරයේදී පන්දුව අතට ගත් චමරි අතපත්තු, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්, පළමු පන්දු හතරේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වීමත් සමඟ, 2025 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (20) පැවැති තරඟය ලකුණු 7කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 4කදී සියළුදෙනාම දැවී ලකුණු 202ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කාන්තා ක්රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 195ක් පමණි.
මේඝ






