ඩයලොග් ආසියාටා විසින් බලගන්වනු ලබන, ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන ‘ඩයලොග් ජනාධිපති රන් කුසලාන’ පිරිමි අවසන් මහා තරගය සඳහා රුවන්වැල්ල රාජසිංහ සහ දෙහිඕවිට රන්තරු ක්රීඩා සමාජය ද, කාන්තා අවසන් මහා තරගයට මහඋස්වැව රත්නපාල සහ මහව විජයබා යන ක්රීඩා සමාජ සුදුසුකම් ලබා ඇත.
මේ තරගාවලියට ඩයලොග් ආසියාටාහි නාමය හිමිවී දශක දෙකක් සපිරීමද විශේෂත්වයකි.
ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ උප සභාපති, සමූහ අලෙවි හර්ෂ සමරනායක මහතාගේ ප්රධානත්වයෙන් ඇරඹි මේ ජාතික මට්ටමේ තරගවලියේ අවසන් මහා තරගය ලබන නොවැම්බර් මස 1 වැනි දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී පැවැත්වේ.
ඇම්. ඩී. ධර්මසිරි







