මුදල් ඉපයීමට යූටියුබ්කරුවන් කරන ක්‍රියාකාරකම් අලි ඇතුන්ගේ ජීවිතවලට බරපතළ තර්ජනයක් -Protect Elephant World Global Association’

අලියා සහ ඇතා පොදු දේපළ පනත යටතට ගැනෙන බව අධිකරණයේ ස්ථාවරය යැයි මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව පසුගිය දා (නොවැ 11) මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ බව පැවසුවාය.

අලියා සහ ඇතා රජයේ පොදු දේපළ පනත යටතට නොගැනෙන බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නැගූ තර්ක ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය මේ බව අවධාරණය කළායය.

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය ගල්ගමුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතාට නියෝග කළා ය.

මේ අතර ‘Protect Elephant World Global Association’ සංවිධානය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරු පැවසුවේ, කාවන්තිස්ස දළ ඇතාට පමණක් නොව වර්තමානයේ මෙරට අනෙකුත් අලි ඇතුන්ගේ ජීවිතවලට ද යූටියුබ්කරුවන් මුදල් ඉපැයීමේ අරමුණින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website