2026.09.27 දින බද්දේගම පොලිස් වසමේ වවුලගල ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවන් දෙදෙනෙකුට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලිසිය හා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
මෙම අපරාධය සිදු කිරීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සිටින බැවින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.
සැකකරුවන්ගේ විස්තර පහත පරිදි වේ.

01.නම – ලද්දු කෝලිත යසරත්න ද සොයිසා
- වයස – අවුරුදු 50
- ජාතික හැඳුනුම්පත් අංකය – 762905191V
- ලිපිනය – අංක 47, කැකිල්ල මණ්ඩිය, බූස්ස

2.නම – වතුදුර බුද්ධි මදුසංක ගුණසිරි
- වයස – අවුරුදු 35
- ජාතික හැඳුනුම්පත් අංකය – 913161629V
- ලිපිනය – රජහේනවත්ත, සුදුමැටිය, දොඩන්දූව
මෙම ඡායා රූප වල සිටින අයවළුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්න.
ස්ථානාධිපති / බද්දේගම – 071 – 8591480
පොලිස් ස්ථානය බද්දේගම – 091 – 2292222
















