බෙන්තොට පොලිස් වසමේ වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දිය රළකට හසුව දියේ ගිලී මියගොස් ඇති බවට ඊයේ (09) බෙන්තොට පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 30 ක් වූ රුසියානු ජාතිකයෙකි. මෘත ශරීරය බෙන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ නැත්පත් කර ඇති අතර බෙන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















