පුස්සැල්ලාව පොලිස් වසමේ ගම්පොල, දොරගල ප්‍රදේශයේ නිවසක් තුලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර එම සැකකරු ද සියදිවි හානි කරගෙන ඇති බවට පුස්සැල්ලාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (04) දහවල් මෙම ඝාතනය සිදුවී ඇත.
මරණකාරිය අවුරුදු 38 ක් වූ දොරගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, සියදිවි නසාගත් සැකකරු අවුරුදු 38 ක් වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකාරිය තම පළමු විවාහය අතහැර සිටි කාන්තාවක් වන අතර සැකකාර පුරුෂයා සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගෙන ගොස් ඇති බවත් එහිදී සැකකාර පුරුෂයා මරණකාරිය සමග ඇයගේ නිවසේදි ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පුස්සැල්ලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.















