කොත්මලේ ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මක කිරීම ගැන මහවැලියෙන් දැනුම් දීමක්

මෙම නිවේදනයට අනුව ඉදිරියට ලැබෙන වර්ෂාපතනයත් සමඟ ජලාශයට ලැබෙන ජල ධාරිතාව සීග්‍රයෙන් ඉහළ යා හැකි බැවින්, පහත සඳහන් ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටී.

  • කොත්මලා ඔය ආශ්‍රිතව – නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්‍රදේශ.
  • මහවැලි ගඟ ආශ්‍රිතව -උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්‍රදේශ.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්‍රථම යළිත් වරක් දැනුම්දීමක් කිරීමට නියමිත අතර, මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලාශයෙන් ජලය මුදා හැරීමකින් තොරව වුව ද ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පහත් බිම් යටවීමේ අවදානමක් පවතින බව මෙම නිවේදනයේ සඳහන් වේ. එබැවින් ගඟ අවට පහත් බිම්වල වාසය කරන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහවැලි අධිකාරිය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website