කළු ගඟ ද්‍රෝණියේ පහත් බිම්වල සුළු ගංවතුර අවදානමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි පැය 24ක කාලය තුළ පහත සඳහන් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත යන ප්‍රා.ලේ. කොට්ඨාශ, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශ.

මේ සම්බන්ධයෙන් ඉහත සඳහන් ප්‍රදේශය ආශ්‍රිතව පදිංචිකරුවන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් අවධානයෙන් පසු වන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website