2027 අයවැයෙන් අත්යවශ්ය දීමනා ලබා දීමට සැලකිලිමත් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
2028 අයවැයේදී අලුතෙන් මූලික වැටුප් වැඩිවීමක් සිදු නොවන බැවින්, එහිදී දීමනා පිළිබඳව කල්පනා කළ හැකි බව ද ජනපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
අතීතයේදී රාජ්ය අංශයේ රැකියාවලට වැඩි කැමැත්තක් පැවැතුණද, වර්තමානයේ වෘත්තිකයන් රඳවා ගැනීමට නොහැකි වීම නිසා රාජ්ය සේවයේ ආකර්ෂණය ගිලිහී ගොස් තිබෙන බව කී ජනපතිවරයා එම නිසා ඉංජිනේරුවන්, IT වෘත්තිකයන් සහ කළමනාකරුවන් බඳවා ගැනීමට දුෂ්කරතා පවතින බව ද කීවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයට එක් වෙමිනි.















