ලිට්‍රෝ ගෑස් හිඟය අවසන් – සමාගමෙන් මාධ්‍ය නිවේදනයක්

මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) දින මෙරටට ළඟා වූ බවත් ඒ අනුව ඉදිරි දින තුන ඇතුළත ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට බෙදා හැරීමට නියමිත බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි.

ගෑස් තොගය ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බැවින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට පවතින බව ද සමාගම පවසයි.

අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙස ද සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website