රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කරයි – කලා ඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම

කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 13,200කට අධික වේගයකින් ජලය මුදාහැරේ.

මේ හේතුවෙන් රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අදාළ පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාව අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website