පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය – 2026: ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් මෙන්න

ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමය විසින් සිව්වන වරටත් සංවිධානය කරන ලද පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය 2026 අවසන් තරඟය හා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත්‍ර හා කුසලාන ප්‍රදානය ඊයේ (20) සවස කොළඹ විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

තරඟාවලියේ සමාප්ති උත්සවයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන සහ සහතික ප්‍රදානය ශ්‍රී ලංකා කොරියානු තානාපතිනි කිම් යුන් ජං මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

මෙහිදී, පොලිස් ටයිකොන්ඩෝ තරඟාවලිය නියෝජනය කරන ලද පොලිස් විශේෂ කාර්ය බලකාය හා දිවයිනේ සියලුම පළාත් නියෝජනය වන පරිදි තරඟ වදින ලද පොලිස් ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රහණය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට පාත්‍ර විය,

•ආධුනිකයින්ගේ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (58-63 kg බර පන්තිය) ලෙස දකුණු පළාත නියෝජනය කරමින් ගාල්ල කොට්ඨාසයේ හබරාදූව පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් කොස්තාපල් 107120 Y.M.A යාපා නිලධාරියා විසින් දිනා ගන්නා ලදී.

•ආධුනිකයින්ගේ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව (57 kg ට අඩු බර පන්තිය) ලෙස බස්නාහිර පළාත නියෝජනය කරමින් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල් 13123 පී.ඒ.එන්.එම්.චන්ද්‍රකාන්ත නිලධාරිනිය විසින් දිනා ගන්නා ලදී.

•ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් කොස්තාපල් 105855 එම්.එන්.ප්‍රනාන්දු නිලධාරියා දිනා ගන්නා ලදී.

• ආධුනිකයින්ගේ සමස්ථ ශූරතාවය – බස්නාහිර පළාතට ද

• ආධුනිකයින්ගේ සමස්ත ශූරතාවලියේ දෙවන ස්ථානය – ශ්‍රී ලංකා පොලිස් විද්‍යාල කණ්ඩායම ද

• ආධුනිකයින්ගේ සමස්ත ශූරතාවලියේ තෙවන ස්ථානය – දකුණු පළාත ද හිමි විය.

* ⁠මෙම තරඟාවලියේ විනිශ්චය කළ විනිසුරුවරුන් අතරින් හොඳම විනිසුරු ලෙස ඩබ්.සුගත් මහතා ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවේදී පොලිස්පති තුමන් සහ කොරියානු තානාපතිතුමිය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු වූ අතර කොරියානු ටයිකොන්ඩෝ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජිත, සභාපති P.U.A.C ශ්‍රී ලංකා – ග්‍රෑන්ඩ් මාස්ටර් කී සූ ලී මහතා හට ද සමරු තිළිණ ප්‍රදානයක් පොලිස්පතිතුමන් විසින් සිදු විය.

මෙහිදී තානාපතිතුමිය විසින් පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර මහතා වෙතද සමරු තිලිණයක් පිරිනමන ලදී.

තවද, 160 වන පොලිස් දිනයට සමගාමීව නිර්මානය කරන ලද “CoffeeTable Book” සමරුවක් ලෙස කොරියානු තානාපතිතුමියට සහ කොරියානු ටයිකොන්ඩෝ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජිත- සභාපති P.U.A.C ශ්‍රී ලංකා – ග්‍රෑන්ඩ් මාස්ටර් කී සූ ලී මහතා හට පිරිනැමීමද පොලිස්පතිතුමා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ළමා හා කාර්යංශ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන, පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ ලේකම් පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන හා ක්‍රීඩා කාන්තා සහකාර පොලිස් අධිකාරි එන්.ටී.ඒ. කුමාරි, කොරියානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් හා උසස් පොලිස් නිලධාරීන් රැසක් ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website