පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කළ පෙත්සම් සම්බන්ධයෙන් කතානායකගෙන් නිල නිවේදනයක්

2026 ඔක්තෝබර් 20 දිනැති තම නිවේදනයේ සඳහන් පෙත්සම් තිහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත්, තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එමෙන්ම, 2026 ඔක්තෝබර් 07, 08 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් විසි පහට අමතරව, “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 11ක පිටපත් සහ “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website