අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන්ගේ පරිහරණ භාණ්ඩ හා පතපොත සංරක්ෂණයට සැලසුම්

අභිධජ මහාරට්ඨගුරු, ෂඩ් භාෂා පරමේශ්වර අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භාවිත කළ උපභෝග පරිභෝග වස්තු සහ පතපොත සංරක්ෂණය කිරීමේ අරමුණින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගිය දා  විශේෂ නිරීක්ෂණ චාරිකාව නිරත විය.

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ ධර්මාවබෝධය සහ ශාසනික උන්නතිය උදෙසා නාහිමියන්ගේ පතපොත සහ භාණ්ඩ කඩිනමින් සංරක්ෂණය කළ යුතු බව මෙහි දී දැඩිව නිරීක්ෂණය විය. පූජ්‍ය නිවිතිගල අනෝම හිමියන්ගේ ඉල්ලීම පරිදි, අමාත්‍යවරයා සහ කමිටු සභාපතිවරයා විසින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, තාක්ෂණික නිපුණතාවයෙන්යුත් අමාත්‍යාංශ දූත මණ්ඩලයක් මගින් අදාළ පතපොත පරීක්ෂා කර, ඉදිරියේ දී ගත යුතු පියවර සහ පවතින තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

1992 වර්ෂයේ සිට මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ නාහිමියන් වැඩවිසූ කුටි සංකීර්ණය සහ වත්මන් පුස්තකාල ගොඩනැගිල්ල උපයෝගී කරගනිමින්, බෞද්ධ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී සම්පාදනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය.

අතිපූජ්‍ය නාහිමියන්ගේ උරුමයන් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍ය මෙන් ම අනිවාර්යයෙන් ම කළ යුතු ජාතික කර්තව්‍යයක් බව මෙම නිරීක්ෂණයේ දී තවදුරටත් අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website