නාමල්ගේ පුද්ගලික ලේකම් සංජය සමරසිංහට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනන කොමිෂම විසින් ඊයේ (19) අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවිය.

ඊයේ රාත්‍රීයේ කුරුඳුවත්ත පොලිසියේ රඳවා සිටි සැකකරු අල්ලස් කොමිෂම විසින් අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website