කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

මීගලෑව පොලිස් වසමේ සියඹලන්ගමුව ප්‍රදේශයේදී ‘කාවන්තිස්ස’ හස්තියා වෙඩිඩි වැදීමෙන් ලද තුවාල හේතුවෙන් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා මිය යන ලදී. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුට ගැනීම සඳහා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ සහ බස්නාහිර පළාත් අඩවි වනජීවි කාර්යාලෙයේ නිලධාරීන් ඒකාබද්ධව විමර්ශන සිදුකරන ලදී.

ඒ අනුව ඊයේ (18() දින සවස අඹන්පොල පොලිස් වසමේ හුනුගල්ලෑව ප්‍රදේශයේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක්, එම පතරොම් 24 ක් සහ වියළන ලද දඩමස් සමඟ අත්අඩංගුවට ගෙන ගල්ගමුව අඩවි වනජීවි කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 56 ක් වන ඇහැටුවැව, හුනුගල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගල්ගමුව අඩවි වනජීවි කාර්යාලය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website