අද (17) අලුයම කඩිගමුව දුම්රිය ස්ථානය අසල නායයෑමේ අවදානමක් ඇති කඳු බෑවුමෙන් විශාල පස් ප්රමාණයක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
මෙම පස් ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව මේ හේතුවෙන් පොල්ගහවෙල සිට ගම්පොළ දක්වා පිටත් වන දුම්රිය, ගම්පොළ සහ කොළඹ කොටුව අතර ධාවනය වන දුම්රියවල ගමන් ආරම්භ කිරීමේදී ප්රමාදයන් සිදුවිය හැකි පැවසුවේය.










