හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසිංහ මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කළේය.
මේ සඳහා ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදන ලබා ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද මහේස්ත්රාත්වරයා අදාළ බලධාරීන්ට නියෝග කළේය.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයට අයත් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.
2014 දී ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයට වෙන් කරන ලද රුපියල් මිලියන 7.8ක් කාර්යාංශයේ ප්රවර්ධන කටයුතු සඳහා භාවිතා නොකර, 2014 වර්ෂයේ පැවැති ඌව පළාත් සභා මැතිවරණය සඳහා ටී-ෂර්ට් 12,000ක් ලබා දීමට එම අරමුදල් භාවිතා කිරීම තුළින් රජයට මුල්යමය පාඩුවක් සිදු කළ බවට බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇත.













