පොහොසත් රටක් ලස්සන ජිවිතයක් හදනවා කියා ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මැතිවරණයේ දී සහ පළාත් පාලන මැතිවරණයේ දී බොරු පච ගොඩක් කියා බලය ගත් වත්මන් රජය අද වන විට සෑම අතකින්ම ජනතා අනාථ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට චෝදනා කළේය.
පසුගිය මැතිවරණ වේදිකාවල කියූ කිසිවක් අද වන තුරු ඉටු කිරීමට නොහැකි වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන දේ නම් කරන්න රජය කිසිවිටෙකත් පසුබට නොවන බව ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසුවේය.
“දැන්වත් ජනතාවට පොරොන්දු වූ ඒ පොහොසත් රටයි – ලස්සන ජිවිතයයි ගොඩනගන්න කටයුතු කරන්න’ විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.














