මේරි ලූඩ්ස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ හේතු පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම අද (07) නිල නිවේදනයක් නිකුත් කළේය. එම නිල නිවේදනය පහත පළ වේ.
සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්‍රැෆි ස්කෑනර් යන්ත්‍රයක් (CT ස්කෑන් යන්ත්‍රයක්) ලබාදෙන බවට සඳහන් කර, ඒ සඳහා රු.10,000,000 /- (රුපියල් මිලියන 10 ) මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන එම මුදලින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්‍රැෆි ස්කෑනර් යන්ත්‍රයක් (CT ස්කෑන් යන්ත්‍රයක්) ලබා නොදී එම රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නැමැති වරද සිදුකිරීම හා පොදු දේපල පනත යටතේ වන වැරදි සිදු කිරීම යන චෝදනා මත මේරි ලූඩ්ස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ යන අය 2026.10.07 වන දින පෙ.ව.9.56 ට පමණ කිරුළපන, පූර්වාරාමයේ පිහිටි නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ හිටපු සභාපතිවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ලෙසට බැංකුව සතුව පැවති රජයේ මුදල් නිසි ක්‍රමවේදයෙන් බැහැරව රු.10,000,000 /- (රුපියල් මිලියන 10) මුදලක් සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දීම තුළින් දූෂණය නැමැති වරද සිදු කීරීමේ චෝදනාව මත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වූ ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් යන අය 2026.10.07 වන දින පෙ.ව.9.50 ට පමණ කොළඹ 08, ලේක්ඩ්‍රයිව්හි පිහිටි නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.














