ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලද 2026 වාර්ෂික වාර්තාවේ දත්ත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී දැඩිව විවේචනය කළේය.
වත්මන් රජය නොවැම්බර් 12 වැනි දින අයවැය ඉදිරිපත් කිරීමට පෙර ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් පවත්වා නිවැරදි දත්ත රටට ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොමැතිව පැරණි දත්ත මත කටයුතු කිරීම නිසා රටේ ආර්ථිකය නිවැරදිව හැසිරවිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා මෙසේ ද සඳහන් කෙළ්ය, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත 2026, 49 වැනි වෙළුමේ ජනතාවගේ ආදායම් වියදම්, දරිද්‍රතාව, පෝෂණ තත්ත්වය සහ ජීවන තත්ත්වය ගැන වඩාත් වැදගත් දත්ත සඳහා 2016 සහ 2019 වසරවල ගෘහ ආදායම් වියදම් සමික්ෂණ ඇතුළු පැරණි දත්ත පදනම් කර ගෙන ඇති බව මීට පෙර අප අනාවරණය කළා.
මෙරට ඇති වූ ආර්ථික අර්බුධය, ඉහළ උද්ධමනය, ආදායම් හා මිල මට්ටම්වල වෙනස්වීම, රැකියා හා ජීවනෝපාය බලපෑම්, ජනතාවගේ පාරිභෝජනය ආදී පෝෂණ රටාවල සිදුව ඇති වෙනස්කම් සැලකිල්ලට ගෙන වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය ගැන නිවැරදි තක්සේරුවක් සඳහා මෙවැනි පැරණි සමීක්ෂණ දත්ත භාවිතය ගැටලුකාරි බවත් නොවැම්බර් 12 අයවැය ඉදිරිපත් කරන්නේ මේ පැරණි දත්ත මත පදනම්ව ද කියා ප්‍රශ්නයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව වත්මන් රජය නොවැම්බර් 12 වැනි දින අයවැය ඉදිරිපත් කිරීමට පෙර ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් පවත්වා නිවැරදි දත්ත රටට ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොමැතිව පැරණි දත්ත මත කටයුතු කිරීම නිසා රටේ ආර්ථිකය නිවැරදිව හැසිරවිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.













